අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම බැංකු ශාඛාවල පවත්වා ගෙන ගිය බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයක් සඳහා මෙලෙස තහනම් කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (10) කොළඹ මහාධිකරණය හමුවේ කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය ලබා දීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.