පරිසරය රකින්න කතා කළ ජවිපෙ, වස පෝර ඉල්ලා උද්ඝෝෂණ කරන තැනට වැටිලා…! – අනුප පස්කුවල්…

July 3, 2021 at 10:21 pm | by emanisa.lk

සොබාදහම පරිසරය පිළිබඳ මහ ඉහළින් කතා කරන ජනතා විමුක්ති පෙරමුණ අද රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගොවි ජනතාවට ලබා දෙන ලෙස උද්ඝෝෂණ කරන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවල් පවසයි.

පොහොර සමාගම් මත යැපෙන කණ්ඩායමක් ගොවි ජනතාව ද මුලා කරමින් රසායනික පොහොර වෙනුවෙන් ජනමතයක් ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.

ගොවි ජනතාව කාබනික පොහොර භාවිතයට කැමැති බව ප්‍රකාශ කළ අනුප පස්කුවල්, ඊට එරෙහිව ජනමතයක් ගොඩනැඟීමට ජවිපෙ ඇතුළු රසායනික පොහොර සමාගම් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරමින් ඇති බව ද සඳහන් කළේ ය.

මේ රටේ වකුගඩු රෝග ඇතුළු විවිධ බෝ නොවන රෝගවලට ලක්ෂ ගණනක් ගොදුරු වී ඇති බවත් ඊට හේතුව රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක බව තහවුරු වී ඇති බවත් අනුප පස්කුවල් අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස