ලූනු බද්දෙන් ගොවීන්ට සෙතක් නෑ… ව්‍යාපාරිකයන්ගේ මඩිය තරවෙයි..!

October 9, 2024 at 3:48 pm | by emanisa.lk

ආනයනිත ලොකු ලූනු සඳහා පැනවූ බද්දෙන් දේශීය ගොවීන්ට කිසිදු සෙතක් නැතැයි මාතලේ දිස්ත්‍රික් ලොකු ලූනු ගොවීහු පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ එමගින් වාසි ලැබුවේ ලූනු ආනයනය කරන ව්‍යාපාරිකයන් බවයි.

දේශීය ලොකු ලූනු නිෂ්පාදකයන්ගේ අස්වනු සඳහා ඉහළ මිලක් ලබා දීමේ අරමුණින් කිලෝවකට රු. 10ක්ව පැවැති ලොකු ලූනු බද්ද රු. 30 දක්වා ඉහළ නැංවූයේය.

කෙසේ වුව ද ව්‍යාපාරිකයන් බද්ද ගැසීමට පෙර ලොකු ලූනු විශාල වශයෙන් ගෙනැවිත් ගබඩා කරගෙන සුවිශාල ලාභයක් උපයන බව ගොවීහු පෙන්වා දෙති.

මෙම බද්ද නිසා දේශීය ලොකු ලූනු මිල ඉහළ යනු ඇතැයි සිතුව ද මෙතෙක් එවැන්නක් සිදු නොවූ බව ද ඔවුහු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *