මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 15කට දැඩි ජීවිත අවදානමක්…!

October 7, 2024 at 12:11 pm | by emanisa.lk

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් තව දුරටත් වර්ධනය වුවහොත් මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 15 කගේ ජීවිත සහ රැකියා පිළිබඳ අවදානමක් මතුවිය හැකි බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දෙරට අතර ඇතිවෙන ගැටුම්වලින් සෘජුවම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇතිවෙන බවය.

එමෙන්ම යම් හෙයකින් ඊශ්‍රායලය විසින් ඉරානයේ තෙල් ගබඩා කර ඇති ස්ථාන සහ නිෂ්පාදනය කරන ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කළහොත් එම තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ගණන් ද ඉහළ යා හැකි බව හෙතෙම කියා සිටියි.

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ඕනෑම අවස්ථාවක ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටින බවත් මේ වන විට එරට ආරක්ෂ අංශයේ සියලුම නිවාඩු අවලංගු කිරීමට ද තීරණයක් ගෙන ඇති බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *