ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා අනුව වසරක දී මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා කරන ලක්ෂයකට අධික පිරිසක්ව ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ මෙරට කෘෂිකාර්මික අංශය තුළ පවත්නා විවිධ ගැටළු හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවත් එය රටේ ආර්ථිකය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කළ හැකි බවත්ය.
“පසුගිය වසරක පමණ කාලය තුළ කෘෂි අංශයේ රැකියාවලින් 147,989 පමණ ඉවත් වෙලා තියනවා.
කෘෂි අංශයේ සේවා නියුක්ත පිරිස 2023 පළවෙනි කාර්තුව වන විට 2,187,563 පමණ හිටියා. ඒක 2024 පළවෙනි කාර්තුව වෙනකොට 2,139,574 දක්වා පහළ යාමක් පෙන්නුම් කරනවා.
2023 පළවෙනි කාර්තුව වන විට සමස්ත සේවා නියුක්තියෙන් කෘෂි අංශයේ සේවා නියුක්තිය 26.7%ක් තිබුණේ. නමුත් 2024 පළමුවැනි කාර්තුව වනවිට එය 25.8% පහළ යාමක් පෙන්නුම් කරනවා.”