තමන් භාවිත කළ රජයට අයත් අධි සුඛෝපභෝගී වාහනය අනතුරට ලක්කොට ඊට අදාළ අලාභය වසර 2ක් තිස්සේ ගෙවීම මගහැරි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ඉකුත්දා කටයුතු කර තිබේ.
බස්නාහිර පළාත් සභාවේ ලේකම් එස්.එල්. ධම්මිකා කේ. විජේසිංහ මෙනවිය පැවසුවේ, සහන් ප්‍රදීප් විතාන මහතා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරද්දි ඔහුගේ පරිහරණය සඳහා මෙම වාහනය ලබාදී තිබූ බවයි.
එලෙස ලබාගත් මෙම අධි සුඛෝපභෝගී රථය බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය ආසන්නයේදී ඉකුත් 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනකදී අනතුරට ලක්වී තිබුණි. එහිදී එම වාහනයට වූ අලාභයෙන් රක්ෂණ ප්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 13 කට ආසන්න මුදලක් ලැබුණ ද රුපියල් ලක්ෂ 53.38ක් වූ අලාභ මුදල ඔහු පළාත් සභාවට ගෙවා නොතිබිණි. එම මුදල පළාත් සභා මුදලින් ගෙවන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටිය ද පළාත් සභාව ඊට එකඟ වී නැත.