රනිල් කියන කතාව සහතික ඇත්ත… නමුත් දැන් ජේ.ආර්. වගේ ගෙදරට වෙලා ඉන්න…! – ගාමිණී වලේබොඩ….

September 25, 2024 at 9:52 am | by emanisa.lk

අලුත් දේශපාලනඥයන් පරම්පරාවට ඉඩ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාම ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

“රජයක් පිහිටුවා ගන්න එකතු විය යුතු වුවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඒ මට්ටමේ ඉන්න අති විශාල කණ්ඩායමක් ඉන්නවා. ඒ අය මේ කටයුත්ත අලුත් පරම්පරාවේ දේශපාලඥයින්ට, නායකයින්ට භාර දීල දැන් විශ්‍රාම ගත යුතුයි.

ඔහු කරන ප්‍රකාශය වලංගුයි දේශපාලන තලයට. හැබැයි කරන්න වෙන්නේ ඔහු නැතුව. ඔහු සමඟ හදන දේශපාලන සන්ධානය මේ රටේ මිනිස්සු කොච්චර දුරකට පිළිගනිද කියන කරණය පිළිබඳව අපිට තක්සේරුවක් තිබෙනවා පහුගිය ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිඵල අනුව.

ඒ නිසා තවදුරටත් මේක අවුල් නොකර එතුමාට කරන්න තියෙන හොඳම දේ තමයි එතුමා විශ්‍රාම සුවයෙන් ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ගෙදරට වෙලා හිටිය වගේ ගෙදරට වෙලා ඉන්න එක. මේක කරන්න යන අයට ගැටළුවක් තිබුණොත් ඇවිත් එතුමාගෙන් උපදෙස් ගනීවි. ඒක තමයි එතුමාට කියන්න තියෙන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *