සජිත් ගිටාරයක් ඩ්‍රමක් ගහලා ඉන්න සෞම්‍ය මනුස්සයෙක්…! – සුජීව සේනසිංහ….

September 18, 2024 at 7:49 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස යනු ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් හතර දෙනා අතරින් පන්සිල් පද පහම රකින ආදර්ශවත් නායකයා බව සුජීව සේනසිංහ පවසයි.

අනුර දිසානායකට ඇත්තේ ඉතා ම පටු දැනුමක් බවත් ආර්ථිකය, කෘෂිකර්මය හෝ ඕනෑම විෂයක් පිළිබඳ ඇසුවහොත් පිළිතුරු දීමේ හැකියාව සජිත් ප්‍රේමදාසට ඇති බවත් හෙතෙම කීය.

සජිත් ප්‍රේමදාස ඊර්ෂ්‍යාව කුහකත්වය නැති ගිටාරයක් ඩ්‍රම් එකක් ගහන සෞම්‍ය මනුස්සයෙක් බව ද සුජීව සේනාසිංහ සඳහන් කළේය.

මොනරාගල අද (18) පැවැති සමගි ජන බලවේග ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *