මේ හොඳම විකටයා තෝරන ඡන්දයක් නෙමෙයි…! – නාමල්…

September 18, 2024 at 9:14 am | by emanisa.lk

ඉටු කිරීමට බැරි පොරොන්දු තමා ජනතාව හමුවේ ඉදිරිපත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“සමහර අය විවිධ දේවල් අඩු කරනවා කියනවා. දේශපාලන පොරොන්දු ගැන ජනතාව දන්නවා. ජනතාව මෙවැනි සුරංගනා කතා අහලා තියෙනවා.

මේ දේශපාලන වේදිකාවේ විකටයා හොයන මැතිවරණයක් නෙවෙයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරන්න බැරි වැඩ නැහැ.”

ඔහු මේ බව සඳහන් කළේ රත්නපුරයේ අද (17) දහවල් පැවැති ජන රැලියක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *