ගුරු වෘත්තීය සමිති මාපියන් බාන්න දරුවන් ඇමට ගනී…!

September 14, 2024 at 2:15 pm | by emanisa.lk

පාසල් ළමයින් දේශපාලනයට යොදා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඇමැතිවරයා ඊයේ (12) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, දරුවන් දේශපාලනයට යොදා ගැනීම සම්පූර්ණ වරදක් බවත් මැතිවරණ ලාංඡන නම් කර කතිරෙ ගහන්න කියන පණිවිඩය දරුවෝ අතේ ගෙවල්වලට යවන ගුරුවරු සිටිනා බව වර්තා වී තිබෙන බවත් ය.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, දේශපාලන පක්ෂ සම්බන්ධ වෘත්තීය සමිතිවලට මේ පිළිබඳ චෝදනා එල්ල වන අතර දරුවන් දේශපාලනයට යොදා ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව ය.

මෙහිදී ඇමැතිවරයා කියා සිටියේ, දරුවෝ දේශපාලනයට යොදාගන්නවා නම් ඒක සම්පූර්ණ වරදක් බවත් එමගින් අදාළ දේශපාලන පක්ෂවල බංකොලොත්භාවය තහවුරු වන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *