මැකොගෙන් මාධ්‍යයට අනතුරු ඇඟවීම්… නීති කැඩුවොත් ප්‍රතිඵල නොදෙන බවත් කියයි..!

September 2, 2024 at 7:00 pm | by emanisa.lk

සියලු මාධ්‍ය ආයතන රටේ මැතිවරණ නීතියට අනුගතව අපක්ෂපාතීව කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපති R.M.A.L. රත්නායක මහතා පවසයි.

කෙසේ වුව ද ඇතැම් මාධ්‍ය ආයතන යම් යම් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවට දිගින් දිගට ම කොමිසම වෙත පැමිණිලි ලැබෙන බව ද සභාපතිවරයා කීය.

මේ පිළිබඳ එම ආයතන දැනුම්වත් කොට ඇති බව ප්‍රකාශ කළ සභාපතිවරයා, ඊට අනුගතව කටයුතු නොකළහොත් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ද අනතුරු ඇඟවූයේය.

එවැනි ආයතන සඳහා කොමිසම නිකුත් කරන නිවේදන යොමු නොකරන අතර කැඳවන මාධ්‍ය හමුවලට එකතු වීමට අවස්ථාව ලබා නොදෙන බව ද මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවට සම්බන්ධ කර නොගන්නා බව ද ඔහු කීවේය.

එහෙයින් සියලු අපේක්ෂකයන් සඳහා ප්‍රවෘත්ති විකාශවල සමාන කාලයක් ලබා දීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපති R.M.A.L. රත්නායක මහතා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *