පහකට වඩා කැන්වසින් ගියොත් අත්අඩංගුවට…!

August 26, 2024 at 1:59 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඡන්දය ලබා ගැනීම සඳහා නිවෙස් වෙත යාමේ දී එක කණ්ඩායමක පස් දෙනෙකුට වඩා සිටිය නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසයි.

එලෙස නීති විරෝධී ලෙස කණ්ඩායම් පිටින් ගමන් කළහොත් අත්අඩංගුවට ගන්නා බවට ද හෙතෙම අනතුරු අඟවයි.

එසේ ම අපේක්ෂකයන්ගේ ඡායාරූප සහිත ටී ෂර්ට්ස් හිස් වැසුම් පැළඳීම සම්පූර්ණයෙන් තහනම් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරයි.

කෙසේ වුව ද මේ දිනවල විශාල කණ්ඩායම් සිය පක්ෂයට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලමින් ගමන් කරන ආකාරය සුලබව දැකගත හැකි අතර සමාජ මාධ්‍යවල එම ඡායාරූප සහ වීඩියෝ දක්නට ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *