එක්සත් ජාතික පක්ෂය දෙකඩ නොවී එක්සත්ව තබා ගැනීමට එදා තමන් අවසන් මොහොත දක්වාම මහන්සි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
“එක්සත් ජාතික පක්ෂය කඩන්නේ නැතුව එක්සත්ව තියා ගන්න මම අවසාන මොහොත වෙනකම් මහන්සි වුණා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයත් දන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයත් දන්නවා. විපක්ෂයේ අපිත් එක්ක හිටපු සන්ධානයේ සියලුම මන්ත්‍රීවරු දන්නවා.
මම ඒකට විසදුම් ගෙනල්ලා ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහගෙනුත් ඇති වුණ අඩුපාඩුත් මත තමයි අපි තීන්දු කරගත්තේ මමත් මේ පක්ෂයෙන් ඉවත් වෙලා එනවා කියල.
නමුත් මම අවසාන මොහොත වෙනකම් කිව්වා එක්සත් ජාතික පක්ෂය කඩන්න එපා කියල. පහුගිය මැතිවරණයේදී එදා අපි ඔක්කොම එක්කහු වෙලා ඉල්ලුවා නම් අපට ආසන 70-80 අතර ලබාගෙන ප්‍රබල විපක්ෂයක් බවට පත්වෙන්න තිබ්බා. නමුත් ඒක කඩාකප්පල් වුණා. අවසානයේදී මම රනිල් වික්‍රමසිංහ මහත්මයට කියලම එළියට බැහැල ආවා.”