රටවල් 35ක පුරවැසියන්ට වීසා ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ඒ ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය,ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් සඳහාය.
ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට මාස හයක කාලයක් සඳහා මෙම නිදහස් වීසා අවසරය ක්‍රියාත්මක කරනු ලබයි.