මාලිමා බලශක්ති ප්‍රතිපත්තිය ගැන විවාදයට සූදානම්…! – ඇමැති කාංචනගෙන් අනුරට අභියෝගයක්…

August 21, 2024 at 3:21 pm | by emanisa.lk

බල ශක්තිය විදුලි බිල සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ ජාතික ජන බලවේග ප්‍රතිපත්තිය පිළිබඳ විවාදයකට සූදානම් බව අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ විදුලි බලාගාර ඉදිකිරීමට බාධා කරමින් ඒවා දේශපාලන ප්‍රශ්න බවට පත්කිරීම නිසා රටේ බල ශක්ති ක්ෂේත්‍රය අර්බුදයට ගිය බවට ද ඇමැති විජේසේකර චෝදනා කරයි.

ඔහු අවධාරණය කළේ, සියල්ලට විරුද්ධ වීමේ කුහක ප්‍රතිපත්තියෙන් ඔබ්බට ගියහොත් රටක් ලෙස ඉදිරියට යාමට හැකි බවත් රටේ නායකත්වයට තෝරා ගත යුත්තේ ඇවිත් කරන්නම් කියන අයකු නොව වැඩ කෙට පෙන්වූ අයකු බවත්ය.

අද (21) කොළඹ ලොරිස් මාවත කාර්යාලයේ දී පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එකතු වෙමින් ඇමැති කාංචන විජේසේකර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *