පොහොට්ටුවට ඉතිරි බෝඩ් රෑල්ල විතරයි.. සීයට අනූවක් ඉන්නේ රනිල් එක්ක…! – හරීන්…

August 17, 2024 at 9:20 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් නමට පමණක් ඉතිරිව තිබුණත් එහි පාක්ෂිකයින් 90%ක් මේ වන විට සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“මේ රටේ ඒ අඳුරු අතීතය වෙනස් කරපු නායකයාට කෘතගුණ සැලකිය යුතුයි. මේ වෙලාවේ පුළුවන් මිනිහෙකුට මේ රටේ ඉන්නෙ රනිල් වික්‍රමසිංහ විතරයි.

පොහොට්ටුව කියලා පක්ෂයක් නමට හිටියාට පොහොට්ටුවේ සාමාජිකයෝ 90%ක් ඉන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක. ඒ නිසා පොහොට්ටුව අද ස්වාධීන නිර්පාක්ෂික අපේක්ෂකයාත් එක්ක එකතුවෙලා තියෙනවා.”

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *