පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරයි.
ඔහු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික්කය නියෝජනය කරන මන්ත්රීවරයෙකි.
රාජිත සේනාරත්න මහතා අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව දැනුම්දී ඇත.
එහි දී දෙපාර්ශ්වය අතර ගිවිසුමක් අත්සන් කිරීම ද සිදුවිය.