‘ගරු’ ‘අතිගරු’ නැති ජනාධිපති සහෝදරයෙක් සැප්තැම්බර් 21 රට භාර ගන්නවා..! – ටිල්වින්….

August 13, 2024 at 8:51 am | by emanisa.lk

2024 සැප්තැම්බර් 21 වනදා සිට රටේ විධායක ජනාධිපතිවරයාට ගරු හෝ අතිගරු වැනි ආමන්ත්‍රණ නොමැති බවත් ඔහුට ජනාධිපති සහෝදරයා වශයෙන් ඇමතිය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“අවුරුදු 76ක් තිස්සේ මාරුවෙන් මාරුවට වළව් කීපයක් අතරේ මේ බලය තියාගත්තෙ ඒගොල්ලො. අපට දුන්නෙ නෑ කිට්ටුවෙන්න. බෝතලේ වළව්වෙන් හොරගොල්ල වළව්වට, හොරගොල්ලෙන් ආයෙ බෝතලේ වළව්වට, ඒකෙන් රොස්මීඩ් වළව්වට, ඒකෙන් කොල්ලුපිටියෙ වළව්වට, ඒකෙන් මැදමුලන වළව්වට, වළව් ටිකක් වටේ බලය කැරකුණා.

දැන් ඒක වෙනස් වෙලා. ඒක වෙනස් වෙන්න පටන් ගත්තෙ පහුගිය අරගලයත් එක්ක. දැන් ඔන්න පොදු ජනතාව නියෝජනය කරන අපේ මනුස්සයෙක්, අපේ සහෝදරයෙක් පළවෙනි වතාවට ජනාධිපති වෙන්න හදනවා. මීට කලින් ජනාධිපතිලා කවුද ? මීට කලින් ජනාධිපතිලා හරි අමුතු කට්ටියනෙ. ශ්‍රීමතාණෝ, උතුමාණෝ, අතිගරු මේවා ඔක්කොම දාන් හිටියා. අතිගරු හැබැයි ලොකු හොරු.

දැන් කවුද එන්නෙ ? දැන් මීට පස්සෙ ගරු නෑ, අතිගරුත් නෑ, උතුමාණෝත් නෙවෙයි, ශ්‍රීමතාණෝත් නෙවෙයි. ඔබට ඕනෙ නම් කියන්න පුළුවන් අනුර දිසානායක සහෝදරයා කියලා. ජනාධිපති සහෝදරයා. දැන් එනවා ලබන 21 වෙනිදා අපිට ජනාධිපති සහෝදරයෙක්.”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ කළුතර උතුර ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *