සජිත් කියන්නේ එක ජාතියකට එක ආගමකට අයිති නැති පොදු වස්තුවක්..! – ඩලස්…

August 11, 2024 at 9:14 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාස මහතා යනු එක ජාතියකට එක ආගමකට අයිති නැති, එක කණ්ඩායමකට අයිති නැති, එක පවුලකට අයිති නැති, එක කල්ලියකට අයිති නැති හැම දෙනාටම තමන්ගේ සහෝදරයා, තමන්ගෙ මිත්‍රයා ලෙස හැඳින්විය හැකි නායකයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

“ඉදිරි සති දෙක ඇතුළත බලන්න. සමහර විට ඔබ හිතන කණ්ඩායම්, ඔබ නොහිතන කණ්ඩායම් මේ සන්ධාන වේදිකාව තමන්ගේ වේදිකාව බවට පත්කර ගන්නවා. ඔබ කියන සියලු වර්ගවල අය ඉන්නවා. දැන් අපට වුණත් ඉතිහාසයේ වෙච්ච අතපසුවීම්, වැරදීම් රාශියක් තියෙනවා කියවාගන්න. තීන්දුවලදී වරදින්න පුළුවන්.

ඕනෑම නායකයෙක්, අපේක්ෂකයෙක් දිහා බලනකොට ඔහුගේ වැඩපිළිවෙල දිහා බලන්න. වැඩපිළිවෙල විද්‍යාත්මකද කියලා බලන්න. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා හොඳ ටීම් එකක් ඉන්නවද කියලා බලන්න. මේ මොහොතේ ගොඩාක් දුරට නිමවා අවසන් වෙච්චි වැඩපිළිවෙළක් සජිත් ප්‍රේමදාසට තියෙනවා.

ලක්ෂ 140ක් සැප්තැම්බර් 21 වෙනිදා ඡන්දපොලට නියත වශයෙන්ම පැමිණේවි. මෙතනින් 50% ක් නම් අවශ්‍ය වෙන්නෙ, ඒ කියන්නෙ ලක්ෂ 70ක් ඕනෙ ජයග්‍රහණය කරන්න. අපේක්ෂකයින් වැඩිවුණු පමණින් ජනාධිපතිවරණයක් ඉවුරුවලට බෙදෙන්නෙ නෑ. දැන් ගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට එක්සත් ජාතික පක්ෂය කකුලෙන් අදින වෙලාවෙත් ලක්ෂ 55ක් තිබුණා. මේ මැතිවරණ සිතියම දිහා බැලුවාම ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ආසන්නයෙන්ම ඉන්න පුද්ගලයා ඔහුයි.”

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *