යුද හමුදාපති ධූරයට පත්ව ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් ආකාරයට ම ජනාධිපති ධූරයට පත්ව රට දූෂණයෙන් මුදා ගන්නා බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව දැනුම් දීමට බත්තරමුල්ල ප්‍රදේශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
පක්ෂ දේශපාලනයට ලංකාව දියුණු කළ නොහැකි බව පැවසූ ෆොන්සේකා, ලොව දියුණු රටවල් බොහොමයක් ප්‍රතිපත්තියක් දැක්මක් ඇති තනි නායකයෙකු දියුණු කොට ඇති බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සිටින බහුතරයකට රට වැටී ඇති ආගාධය පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති අතර රටේ ලක්ෂ 25ක පමණ ජනතාවක් දැඩි ලෙස පක්ෂවලට බැඳී සිටීම ගැටලුවක් බව ද කීය.