ෆීල්ඩ් මාර්ෂල් සජබ සභාපති ධූරය අතහරී…!

August 9, 2024 at 12:47 pm | by emanisa.lk

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල ඒ බව තහවුරු කර තිබේ.

සිය සභාපති ධූරය රැක ගැනීම සඳහා සරත් ෆොන්සේකා අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා ගැනීමට ද මෙයට පෙර කටයුතු කර තිබිණි.

පසුගියදා ඉන්දියානු සංචාරයක නිරත වූ හෙතෙම ඉන්දීය විදේශ ඇමැති, විදේශ කටයුතු ලේකම් ඇතුළු රාජතාන්ත්‍රික කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව නැවත ලංකාවට ආවේ පසුගිය බදාදාය.

සරත් ෆොන්සේකා එළඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *