ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
“අලුත් කණ්ඩායමකට රට භාර දෙන්නට නම් සමගි ජන බල සනධානයේ එවැනි ශක්තිමත් නායකයින් ගණනාවක් ඉන්නවා. ඒ අයත් එක්ක එකතුවෙලා මේ ගමන ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා.
ඒ ක්‍රියාදාමය යන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ අන්‍යයතාව තියාගෙන පක්ෂය විදිහට වෙනම ඡන්ද ව්‍යාපාරයක් අපි ක්‍රියාත්ම කරනවා. අපේ ආදරණීය පාක්ෂිකයින්ගෙන් අපි ඉල්ලනවා අපි ගත්තේ මේ වෙලාවේ ගතයුතු නිවැරදිම තීරණය කියලා.”
අද (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඒ බව සඳහන් කළේය.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිලංග සුමතිපාල සහ රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළු පිරිසක් එක්විය.
එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, ්‍යනුවෙනි.