ලක්ෂ 40ක් තවම තීන්දුවක් අරන් නෑ.. අවසාන සති කිහිපය තීරණාත්මකයි…!

August 3, 2024 at 9:16 am | by emanisa.lk

රටේ ඡන්දදායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව රාජ්‍ය බුද්ධි අංශ කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

රාජ්‍ය බුද්ධි අංශ පසුගිය දිනවල ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණ කිහිපයක් රහසිගතව සිදු කොට ඇති මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ එම සමීක්ෂණවලදීය.

බොහෝ පිරිස් ඉදිරි මැතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා තෝරගන්නේ අවසාන සති කිහිපයේ දී බව ද එහිදී තොරතුරු හෙළිදරව්වී ඇත.

ඒ වන විට රටේ පවතින දේශපාලන තත්ත්වය, අපේක්ෂකයන්ගේ ජනප්‍රියභාවය, රට ගොඩනැගීමට ඇති හැකියාව යනාදී කරුණු කාරණා සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිය අපේක්ෂකයා තෝරාගන්නා බව එම සමීක්ෂණයට ලක් වූ පිරිසෙන් සියයට තිහකට වැඩි පිරිසක් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *