මගේ පෞද්ගලික ජීවිතේ ගැන දොඩවන්න කලින් හැකිනම් family photo එකක් පෙන්වනු…! – විමල්ගෙන් අනුරට අභියෝගයක්…

August 1, 2024 at 7:50 pm | by emanisa.lk

අරගලයට පසු රට තුළ උද්ගතව පැවැති ත්‍රස්තවාදී කාල පරිච්ඡේදයේ තනිවම වේදිකා නැග්ග අනුර දිසානායකට තිබූ ජනප්‍රියභාවය, සෙසු තරඟකරුවන් පිටියට පිවිසෙන විට පහත වැටී ඇති බව සියලු සමීක්ෂණවලින් තහවුරු වී ඇතැයි සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, කේ.ඩී. ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති සහ හරිනි අමරසූරිය වැනි අයගේ කතා ද ඊට විශාල දායකත්වයක් ලබා දී ඇති බවයි.

තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න ඇතැයි අනුර දිසානායක සිදුකළ ප්‍රකාශයක් සිහිපත් කළ විමල් වීරවංශ, අනුන්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳ කතා කරන අනුර දිසානායකට හැකි නම් සිය පවුලේ පින්තූරයක් ඉදිරිපත් කරන ලෙස ද අභියෝග කළේය.

රටේ ජනාධිපති ධූරය ඉල්ලා සිටින පුද්ගලයෙකුගේ පවුලේ ඡායාරූපයක් දැක බලා ගැනීමට ආසියාතික රටක ජනතාවට අයිතියක් ඇති බව ද හෙතෙම අවධාරණය කරයි.

youtube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් විමල් වීරවංශ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *