වාසුගෙන් පසු නායකත්වයට සුදුසු මමයි… අපි දෙන්නාගේ නාහෙත් එක සමයි…! – නිරෝෂන් ප්‍රේමරත්න…

July 17, 2024 at 5:05 pm | by emanisa.lk

නව සම සමාජ පක්ෂයේ හිටපු නායක වාසුදේව නානායක්කාර සහෝදරයාගේ සහ තමන්ගේ ප්‍රතිපත්ති මෙන්ම නහය ද එක සමාන බව එහි අභිනව නායක නිරෝෂන් ප්‍රේමරත්න පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (16) නව සමසමාජ පක්ෂයේ නායකත්වය තාවකාලිකව තමන් වෙත පැවරීමේ උත්සව අවස්ථාව සමග එකතු වෙමිනි.

වාසුදේව නානායක්කාර මහතාගේ දුරකතන ඇමතුමට අනුව ඔහු හමු වී සාකච්ඡා කළ බවත් එහි දී වාසුට අලුතින් තමන්ට කියාදීමට තරම් ප්‍රතිපත්තියක් නොතිබූ බවත් නිරෝෂන් සඳහන් කරයි.

නව ලෝකයට ගැළපෙන ආකාරයට පක්ෂ අභ්‍යන්තර සහ බාහිර වෙනස්කම් කිරීම සඳහා වාසුදේව නානායක්කාර තමන්ට අනුමැතිය ලබා දුන් බව ද හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *