ඡන්දේ කල් දැම්මොත් මහා ලේ වැගිරීමක් වෙයි…! – මෛත්‍රී…

July 17, 2024 at 12:47 pm | by emanisa.lk

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරාගෙන ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් එය කිසි ලෙසකත් කල්දැමීමට නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් පැවසූවේ, ඡන්දය කල්දැමීමට උත්සාහ කළ හොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *