හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා නිවස ඉදිරිපිට ඝාතනය කරයි…!

July 17, 2024 at 9:17 am | by emanisa.lk

අම්බලන්ගොඩ බෝගහවත්ත කන්ද මාවතේ ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හිනිදුමගේ ධම්මික නිරෝෂන හෙවත් ජොන්ටි (41) නැමැති දෙදරු පියෙකි.

මිය ගිය පුද්ගලයා 2002 වසරේ 19පහල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියොජනය කරමින් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද ඔහු විසින් දරා ඇති බව වාර්තා වේ.

නිවස ආසන්නයේ ඇති අවමගුල් ගෙදරකට යාමට ඊයේ (16) රාත්‍රි 9.30 ට පමණ නිවසෙන් එළියට එන අවස්තාවේ දි යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.

මෙම ඝාතනය පාතල ක්‍රියාවක්ද යන බව අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *