රටට ඩොලර් ඉපයීම සඳහා ඇත්තේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක ලැබීම්, විදේශ ආයෝජන, විදෙස් ණය සහ ආධාර යන ක්‍රම 05ක් පමණක් බව ජාතික ජන බලවේගයේ නලින් හේවගේ පවසයි.
ජාතික ජන බලවේග ආණ්ඩුවක් පැමිණිය ද විදේශ ප්‍රේෂණ, විදේශ ආයෝජන, විදෙස් ණය සහ ආධාර එක වර ඉහළ නැංවීමේ හැකියාවක් නොමැති බව නලින් හේවගේ පෙන්වා දෙයි.
එහෙත් රටේ ප්‍රතිරූපය ඉහළ නංවමින් ජනතාවගේ විනය ආකල්ප වැඩි දියුණු කරමින් අවශ්‍ය නීති සම්පාදනය කොට සංචාරක ක්ෂේත්රය ඉක්මනින් දියුණු කිරීමේ හැකියාවක් ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්රයේ නියෝජිත හමුවකට එකතු වෙමින් නලින් හේවගේ මේ බව කීය.