ඉල්ලීම් නොදුන්නොත් ආයේ වර්ජනය කරනවා…! – දුම්රිය ස්ථානාධිපති සංගමය…

July 14, 2024 at 10:16 am | by emanisa.lk

සිය ඉල්ලීම් 14 න් 6 ක් කැබිනට් අනුමැතියකින් විසඳන බවට ප්‍රවාහන ඇමැතිවරයා පොරොන්දු වූ බවත්, එය හෙට (15) දිනයේ සිදුනොකළහොත් යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියයි.

ආණ්ඩුව ඉල්ලීම්වලට කන්නොදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනය සඳහා යොමු වන්නේ නම් අනෙකුත් දුම්රිය වෘත්තීය සමිති සමග එක්ව සටන ජය ලබන තුරු අරගලයේ යෙදෙන බව ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න අවධාරණය කරයි.

පසුගිය වර්ජනය හේතුවෙන් දුම්රිය මගී ජනතාව මුහුණ පෑ අපහසුතාවට ප්‍රවාහන බලධාරීන් වගකිව යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

දෙදින දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවීමෙන් පසු දුම්රිය ස්ථානාධිපතිවරුන් 920 දෙනා මේ වන විට සේවයට වාර්තා කර එම කටයුතුවල නිරතව සිටින බව ද සභාපතිවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *