රනිල් වික්‍රමසිංහගේ මෙන් ම අනුර දිසානායකගේ ද එකම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස පරාජය කිරීම බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.
ඒ සඳහා රනිල්, අනුර සහ රාජපක්ෂ කල්ලිය සාමුහික ගිවිසුමකට එළඹ ඇති බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
ඔවුන්ට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි වුව ද සියලු දෙනා කෙසේ හෝ සජිත් ප්‍රේමදාස පරාජය කොට අනෙකෙකු දිනවා සිය ආරක්ෂාව තහවුරු කර ගැනීමට තීන්දු කොට ඇති බව ද නලීන් බණ්ඩාර සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළහොත් තමන්ට කෙළවෙන බව රනිල් අනුර සහ රාජපක්ෂලා හොඳින් අවබෝධ කරගෙන ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.
සමගි ජන බලවේගය අද (13) සංවිධානය කළ මතුගම ජන රැලියට එකතු වෙමින් නලීන් බණ්ඩාර මේ බව කීය.