ලෝකය පුරා පරණ ආණ්ඩු බිඳ වැටෙමින් අලුත් ආණ්ඩු හැදෙමින් ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.
මේ රට හැදීමට ජනතාවට උවමනාවක් ඇත්නම් තෝරාගත යුතු එකම කණ්ඩායම ජාතික ජන බලවේගය බව ද හෙතෙම සඳහන් කරයි.
අලුත්ගම දිගන ප්රශ්නවල දී එහි ගියේ තමන් බවත් වඳ කොත්තු, වඳ දොස්තර ප්රශ්නවල දී එරෙහි වූයේ තමන් බවත් සජිත් මුණිවත රැකි බවත් අනුර දිසානායක අවධාරණය කරයි.
දකුණේ ජාතිවාදයට එරෙහිව කෙළින් සිටගත් තමන් 3%ට වැටුණත් ජාතිවාදයට නොවැටෙන බවත් රට හැදීමට නම් ජාතිවාදය පරාජය කළ යුතු බවත් ඔහු ප්රකාශ කරයි.
ඊයේ (12) අම්පාර සමන්තුරේ ජන හමුවක් අමතමින් අනුර දිසානායක මේ බව කීය.