අලුත්කඩේ උසාවියේ මිලියන 20ක විස්කි උස්සලා..!

July 4, 2024 at 10:55 am | by emanisa.lk

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් මිලියන 20ට අධික වටිනාකමින් යුත් විදේශීය රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල් 1,194 ක් අස්ථානගතව තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් එම නඩු භාණ්ඩ කාමරයේ භාරකරු බව කියන ගයාන් සම්පත් ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03) නියෝග කළේ ය.

සාවද්‍ය පරිහරණය, හා සාපරාධී විශ්වාසය කඩ කිරීම, සොර බඩු පැහැර ගැනීම යන චෝදනා යටතේ හා පොදු දේපළ පනත යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

සොරාගත් මත්පැන් බෝතල් කීපයක් සාද පැවැත්වීම සඳහා යොදා ගෙන ඇති බවත් සෙසු මත්පැන් බෝතල්වලට කුමක් කළේ ද? යන්න පිළිබඳව තව දුරටත් විමර්ශන සිදු කරන බවත් එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.බී.ජේ. නිශාන්ත මහතා අධිකරණයට දැන්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *