සජිත් කීවොත් ආරක්ෂක ඇමැතිකම භාරගන්න සූදානම්..! – මහේෂ් සේනානායක…

July 1, 2024 at 6:43 pm | by emanisa.lk

තමන් සමගි ජන බලවේගය සමග එකතු වූයේ රටට උවමනා ජාතික නායකයා බිහි කිරීමට බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක පවසයි.

අනාගත සජබ ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති ධූරය භාර ගැනීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නොකළ බවයි, ඔහු සඳහන් කළේ.

කෙසේ වුව ද සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු අනාගත සජබ ආණ්ඩුව තමන්ට එම වගකීම භාර දුනහොත් කැපවීමෙන් එහි කටයුතු කිරීමට සූදානම් බව ද හෙතෙම සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය එල්ල වන විට තමන් හමුදාපති වුව ද ඒ අවස්ථාවේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කොට නොතිබුණු නිසා හමුදාව බැරැක්කවලට සීමාව පැවැති බව ද මහේෂ් සේනානායක වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *