අසාර්ථක මහින්ද චින්තනය අතහැර සාර්ථක රනිල් දැක්මට රට වෙනුවෙන් සහාය දෙනවා…! – දිළුම් අමුණුගම…

June 29, 2024 at 10:13 am | by emanisa.lk

මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථක වූ හෙයින් සහය දිය යුත්තේ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තියට බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“මහින්ද ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙල තිබුණා. ඒ වැඩපිළිවෙළ සාර්ථක වුණේ නෑනෙ. නොවිකුණා ඔක්කොම රජයට තියාගෙන, කිසිම රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකර, සියලු දෙනා රජයේ සේවයේම තියාගෙන, විභාග පාස් නැති අයටත් රස්සා දීගෙන, සියලුම උපාධිධාරීන්ටත් රස්සා දීගෙන, තව මෝටර් සයිකලුත් දීගෙන, එහෙම වැඩක් ගියානෙ.

ඉතින් ඒ ප්‍රතිපත්තිය හරි ගියේ නෑනෙ. වෙනත් ප්‍රතිපත්තියක් දරන නායකයෙක් මේක භාරගත්තා. ඉතින් එතුමාගෙ ප්‍රතිපත්තිය දැන් හරි ගිහිල්ලානෙ ? එහෙනම් රට වෙනුවෙන් අපි සහාය දිය යුත්තේ වැඩ කරන ප්‍රතිපත්තියට මිසක් කොට උඩ ගිය ප්‍රතිපත්තියට නෙවෙයිනෙ.

අපේක්ෂකයෙක් දානවා කියලා සමහරු කියනවා, දාන්නෑ කියලා සමහරු කියනවා. කැලෑ පෝස්ටරයකුත් ගහලා තිබුණා. නමුත් පොදුජන පෙරමුණෙන් ඕනෙම කෙනෙක් නම් කෙරුවා කියලා අපට එහෙම වැඩකරන්න බෑනෙ. මම එක සැරේකුත් පක්ෂයේ තීන්දුවට විරුද්ධව ගිහිල්ලා මහනුවර මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ වේදිකාවට නැග්ගෙ ඒක කරන්න අවශ්‍ය නිසා. එහෙම කරන්න අවශ්‍ය නම් අපි කරන්නත් ලෑස්තියි.”

දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *