නාවික සෙබළාගේ මරණයට ඉන්දීය ධීවරයන් 10ක් අත්අඩංගුවට…!

June 27, 2024 at 9:12 am | by emanisa.lk

මෙරට මුහුදු සීමාට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට යාමේදී එම ධීවරයන් අනාරක්ෂිතව බෝට්ටු හැසිරවීමෙන් නාවික සෙබළකු මිය යාමේ සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන් දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම ධිවරයින් කන්කසන්තුරේ පොලිස් ස්ථානයට භාරදීමට නාවික හමුදාව කටයුතු කොට තිබේ.

මෙම ඉන්දීය ධීවරයින් දස දෙනාට එරෙහිව මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී ධීවර කටයුතුවල යෙදීම, මෙහෙයුමේදී නාවික හමුදා සෙබලෙකු ජීවීතක්ෂයට පත්වීම සහ නාවික හමුදා දේපලකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් නඩු නඩු පවරන බව පොලිසිය සඳහන් කරයි.

අදාල ස්ථානීය පරික්ෂාව සඳහා මල්ලාකම් මහේස්ත්‍රාත් වරයා කන්කසන්තුරය වරායට පැමිණ නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ මෙහෙයුමේදී අලාභහානි සිදුවී ඇති නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව පරීක්ෂාවට ලක් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *