රනිල්ගෙන් ගිලිහුණොත් නැවත යටත් විජිතයක් වෙනවා…! – වජිර..

June 26, 2024 at 5:03 pm | by emanisa.lk

රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහට දේශීය මෙන්ම ජාත්‍යන්තරය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති නිසා කෙටි කලකදී රට නැවත ඔසවා තබන්නට හැකි වූ බව මන්ත්‍රීවරයා කීය.

වෙනත් ජනාධිපතිවරුන් වසර 35-40ක් කළ දෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වසර 2ක් ඇතුළත ආරම්භ කර ඇතැයි ද වජිර අබේවර්ධන සඳහන් කළේය.

රනිල් රට විකුණනවා යැයි ඇතැමුන් චෝදනා කළ ද රට විකිණුවත් බංකොලොත් රාජ්‍යයක් මිලදී ගන්නේ කවුදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන ගැන පැහැදිලි කිරීමට ගාල්ල රත්ගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *