තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා අද ලංකාවේ පාසල් 10026ම වසා ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.
රනිල් රාජපක්ෂ ආණ්ඩුව තම ඉල්ලීම් ලබා ගැනීමට ලබන අවුරුද්ද වන තුරු බලා සිටින ලෙස කීව ද මෙම ආණ්ඩුව ලබන අවුරුද්ද තෙක් පවතී ද යන්න ගැටලුවක් බව ද හෙතෙම කීය.
රටේ සමස්ත ගුරුවරු එකට එකතු වී ලබා දුන් සංඥාව ආණ්ඩුව තේරුම් නොගන්නේ නම් සියලු වෘත්තීය සමිති එකට එකතු වී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවට ද ජෝෂප් ස්ටාලින් අනතුරු ඇඟවූයේය.
අද (26) මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.