කුසල් මෙන්ඩිස්ට වීසා ප්‍රමාද වුණේ 75 වසරක ශාපය නිසයි..! – අනුර දිසානායක…

June 9, 2024 at 9:18 am | by emanisa.lk

ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ අඩු සැලකිල්ලට ලක්ව ඇති රාජ්‍යයක් බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට 20/20 ලෝක කුසලානය සඳහා ඇමරිකාවට යාමට වීසා ප්‍රමාද කළ බවයි.

මෙමගින් තහවුරු වන්නේ ශ්‍රී ලංකාව ලෝකයේ කිසිවෙකු සැලකිල්ලට ලක් නොකරන රටක් බවට පත්ව ඇති බව යැයි ද හෙතෙම කීය.

තමන්ට නිදහසේ ජීවත් වීම සඳහා අවස්ථාවක් නොමැති නිසා සෑම තරුණයෙකුගේම අපේක්ෂාව මේ රට හැර යාම බව ද අනුර දිසානායක අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *