මාලිමා ආණ්ඩුව ආවොත් බුද්ධ පූජාවත් තහනම් කරනවා…! – මිහින්තලේ නාහිමි…

June 4, 2024 at 7:21 pm | by emanisa.lk

ඉදිරියේ දී මාලිමා ආණ්ඩුවක් පත් වුවහොත් බෞද්ධයන්ට මලක් පහනක් පූජා කොට බුද්ධ පූජාවක් තැබීමට පවා ඉඩ නොලැබෙන බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවහැංගුණුවැවේ ධම්මරතන හිමි පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කලාප භාර නිලධාරියා විහාරස්ථානයේ පොසොන් උළෙල සඳහා කොඩියක් සිටුවීමට, දන්සැලක් දීමට තබා විදුලි බුබුලක් සවි කිරීමට පවා බාධා කරමින් ඇති බවයි, එහිමියන් සඳහන් කළේ.

බෞද්ධයන්ගෙන් සිව්පසය ලබමින් උපාධිය ලබා ගෙන සිවුරු හැර ගිය මෙම නිලධාරියා අනුර දිසානායකලාගේ දේශපාලන පක්ෂයේ අනුගාමිකයෙකු බවත් ඔහු නිල ඇඳුමින් මාලිමා රැස්වීම්වලට ගොස් සිටිනු තමා දුටු බවත් ධම්මරතන හිමි හෙළි කරයි.

මාලිමා ආණ්ඩුවක් ගැනීමටත් පෙර එහි මිත්‍යාදෘෂ්ටික නායකයන් සිදුකරන ප්‍රකාශ සහ ගෝලයින්ගේ හැසිරීම දුටු විට මාලිමා ආණ්ඩුවක් යටතේ බුද්ධ පූජාවක් තැබීමට පවා ඉඩ නොලැබෙන බව ස්ථිර යැයි එහිමියන් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *