අපට පඩි දෙන්නේ මොන මගුලකට ද…! – ගෙවිඳු කුමාරතුංග…

June 4, 2024 at 6:23 pm | by emanisa.lk

දිනකට එක බැගින් පනත් ඉදිරිපත් කරමින් සම්මත කර ගැනීමට ආණ්ඩුවට ඇති හදිසිය කුමක් දැයි යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තුවේ 225ක් සිටිය ද අද දිනයේ අදහස් දැක්වීමට ඉඩ ලැබී ඇත්තේ 28 දෙනෙකුට පමණක් බවත් එක් පනතක් සාකච්ඡා කිරීම සඳහා ලැබෙන්නේ දිනයක් පමණක් නම් 200කට අධික පිරිසකට අවස්ථාව අහිමි වන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

තමා පාර්ලිමේන්තුවට එවූ සංවිධාන, ජනතාව, මහා සංඝ රත්නය නියෝජනය කරන මතය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමටවත් අවස්ථාව ලබා නොදෙන්නේ නම් තමන්ට පඩි ලබා දෙන්නේ කුමකට දැයි ගෙවිඳු කුමාරතුංග ප්‍රශ්න කරයි.

අද (04) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *