අපි අමුඩෙ ගහන්නේ මුහුද ළඟටම ඇවිල්ලා..!

June 2, 2024 at 10:36 am | by emanisa.lk

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තවමත් සිය ස්ථාවරය ප්‍රකාශ කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ වේලාවේදී තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ ප්‍රකාශයට පත්කරනු ඇති බවයි.

“ජනාධිපතිතුමාත් මං හිතන්නේ ලබන සතියේදී තමයි එතුමාගෙ ප්‍රකාශය කරනවා කියන්නේ. මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩෙ ගහන එක නෙවෙයි වැඩේ. මුහුද ළඟටම ඇවිල්ලා තමයි අපි අමුඩෙ ගහන්නෙ.”

එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *