ආණ්ඩුවේ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය වෙනුවෙන් මරා ගනිමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
එක් පැත්තකින් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද අනික් පැත්තෙන් වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද ශ්‍රීලනිප සභාපති ධූරය සඳහා සටනක නිරත වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇත්තේ උසාවියේ බවත් එය ශ්‍රී ලංකා වාරණ පක්ෂය බවට පත්ව ඇති බවත් දයාසිරි ජයසේකර සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන ශ්රීලනිපය විකුණා දැමූ නිසා පාක්ෂිකයා යන එන මං නැතිව අසරණ වී ඇති බව ද ඔහු වැඩි දුරටත් කීය.