පුරවැසියන්ට නොමිලේ ඉඩම් අයිතිය පිරිනමන දකුණු ආසියාවේ එකම ජාතිය ශ්රී ලංකාව බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
යාපනය දිස්ත්රික්කයේ (24) පැවති සින්නක්කර ඔප්පු ප්රදානය කිරීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
“උරුමය” වැඩසටහන යටතේ ඔවුන්ට ලබා දී ඇති ඉඩම් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.