පොහොට්ටුවේ නායකයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළ ද පොහොට්ටු සාමාජිකයන් ඔහුට ඡන්දය නොදෙන බව එස්.එම්. මරික්කාර් පවසයි.
එසේම ජනාධිපතිවරයා පොහොට්ටුව සමග එකතු වුවහොත් ඔහුට සුළු ජාතික ඡන්ද නොලැබෙන හෙයින් රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ද හෙතෙම සඳහන් කරයි.
ඒ අනුව සජිත් ප්‍රේමදාස සහ කට උල්කර බොරු කියන පුද්ගලයා ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන අතර එය ජයගැනීම අසීරු නොවන බව ද මරික්කාර් අවධාරණය කරයි.