උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය සඳහා ඉරානය ආධාර කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මහතාට තිබූ පිළිගැනීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.
එහෙත් වත්මන් ආණ්ඩුව එම ගෞරවය තමන් වෙත ලබා ගැනීමට කටයුතු කරමින් ඇති බවට හෙතෙම චෝදනා කරයි.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය එය වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළ බව ද හකීම් සඳහන් කළේය.
පෙරේදා (14) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.