විදුල බල ක්ෂේත්‍රයේ කළුවර යුගය නිමයි! ජාතික විදුලි පද්ධතියට අලුතින් මෙගාවොට් 365ක්!

July 5, 2020 at 1:27 pm | by emanisa.lk

මේ වසර අවසානයේදී ජාතික විදුලිබල පද්ධතියට අලුතින් මෙගාවොට් 365ක විදුලිබලයක් එක්වන බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන කළමනාකරන ඇමැති මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියෙන් මෙගාවොට් 130ක් ද බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියෙන් මෙගාවොට් 35ක් ද මන්නාරම සුළං බල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 104ක් ද යාපනය සූර්යබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 20ක් ද ඉදිරි මාස 06 තුළ ජාතික විදුලිබල පද්ධතියට එක්වනු ඇත.

ඒ සමඟම පසුගිය යහපාලන රජය සමයේ අත්හිටුවනු ලැබූ කුඩා ජල විදුලි බලාගාර 38ක විදුලිය ද ලබන සතියේ සිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

ඒ අනුව එම කුඩා ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 75ක විදුලිබලයක් ජාතික විදුලිබල පද්ධතියට එක්වනු ඇත.

මීට අමතරව 2023 දී තවත් මෙගාවොට් 600ක විදුලිබලයක් මේ රටේ ජාතික විදුලිබල පද්ධතියට ලැබෙන බවත් ඒ අනුව එම වසර විදුලිබල ක්ෂේත්‍රයේ ස්වර්ණමය වසර වන බවත් ඇමැතිවරයා පවසයි.

වාර්ෂිකව මෙගාවොට් 200 බැගින් රටේ විදුලි ඉල්ලුම ඉහළ ගියද පසුගිය යහපාලන ආණ්ඩු සමය තුළ මෙරට විදුලි පද්ධතියට අලුතින් එක විදුලි ඒකකයක් හෝ එකතු කිරීමට එම ආණ්ඩුවට හැකි වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස