සමගි ජන බලවේග විසින් ඊයේ (01) පවත්වන ලද මැයි රැලිය සඳහා එම පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු සහභාගී නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය.
රාජිත සේනාරත්න, තලතා අතුකෝරළ යන එම පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වී සිටින නාලක ගොඩහේවා රිෂාඩ් බදියුදීන් ආදී මන්ත්‍රීවරුන් ද එහි දක්නට නොලැබිණි.