හමුදාව වෙඩි නොතිබ්බා නම් අරගලකාරයෝ සජබ ගෙවල් 100කුත් ගිනි තියනවා…! – විජේදාස රාජපක්ෂ…

May 9, 2023 at 7:50 pm | by emanisa.lk

මැයි 10 වන දා තවත් ගෙවල් 100ක ගිනි තැබීමට ලැයිස්තුවක් සකස් කරගෙන සිටි බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

එම ලැයිස්තුවේ මුලින් ම සිටියේ සජබ මන්ත්‍රීවරුන්ගේ සහ නායකයින්ගේ නිවාස බවයි, ඇමැතිවරයා අනාවරණය කළේ.

ඒ අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා මැදිහත් වී හමුදාව පාරට බස්වා වෙඩි තැබීමට නියෝග කළ බවත් හෙතෙම සඳහන් කරයි.

රත්ගම, අංගොඩ සහ පිටකෝට්ටේ එම වෙඩි තැබීම් තුන නොකරන්නට සජබ මන්ත්‍රීවරුන් 100ක නිවාස ද ගිනි තබා විනාශ කරන බවයි, විජේදාස රාජපක්ෂ සඳහන් කළේ.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස