හොරු එළවන්න ආ සන්නස්ගලත් ලක්ෂ 10කට විදලා…!

April 23, 2024 at 2:56 pm | by emanisa.lk

රුපියල් ලක්ෂ 10ක් වංචා කළේ යැයි සමාජ ක්‍රියාකාරිකයෙකු සහ අරගල නායකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව කඳාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා යැයි කියා ලබා ගත් මෙම ණය මුදල මෙතෙක් ගෙවා නොමැති අතර චිත්‍රපටයක් ද නිෂ්පාදනය කර නොමැත.

අදාළ ණය මුදල පියවන ලෙස දිගින් දිගට ම උපුල් ශාන්ත සන්නස්ගලට දැනුම් දුන්න ද ඔහු එය පැහැර හැර තිබේ.

මෙම අවස්ථාව ආවරණය කිරීමට පොලිසිය මාධ්‍යයට ඉඩ ලබා නොදුන් බවට සහ උසස් පොලිස් නිලධාරියෙකුගේ නියෝග මත පොලිසිය පැමිණිලිකරුට බලපෑම් කරමින් ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා පළවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *