උමා ඔය විදුලි ජනක යන්ත්‍ර දෙකට සුළු සේවක නම්…!

April 23, 2024 at 12:55 pm | by emanisa.lk

උමා ඔය ජල යෝජනා ක්‍රමයේ විදුලි ජනක යන්ත්‍ර දෙක එහි සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබේ.

ඒ අනුව මෙම විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතුවල දී ඉංජිනේරුවන්ට තේ සැපයීම ඇතුළු කටයුතු කළ චුලෝචනා සහ දසුනි යන සේවිකාවන්ගේ නම් විදුලි ජනක යන්ත්‍ර දෙකට යොදා තිබේ.

උමා ඔය විදුලි බලාගාරය ජාතික පද්ධතියට එකතු කිරීමත් සමග දිනකට විදුලි නිෂ්පාදනය සඳහා වැය වූ රු. ලක්ෂ 800-1000ත් අතර ප්‍රමාණයක් රටට ඉතිරි වෙයි.

2015 වසරේ විවෘත කිරීමට නියමිතව පැවැති මෙම ව්‍යාපෘතිය දේශපාලන බලපෑම් නිසා 2024 දක්වා විවෘත කිරීම ප්‍රමාද වීම නිසා රටට සිදු වූ පාඩුව රු. කෝටි 4500කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *